අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිසා ලේකම් කාර්යාලය යළිත් ප්‍රමිතිය රැකගනී

    ජූලි 26, 2014
    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සපයන ගුණාත්මක මහජන සේවාව අගයමින් අයි.එස්.ඕ. 9001- 2008 තත්ත්ව සහතිකය 2016 වසර දක්වා බලපැවැත්වෙන පරිදි  දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තීරණය කොට තිබේ.
     

    මනා ප්‍රමිතියකින් යුක්තව ආයතනය පවත්වාගෙන යමින් යහපත් මහජන සේවාවක් සැපයීම වෙනුවෙන් මෙම තත්ත්ව සහතිකය පිරිනමා ඇති අතර, මීට පෙර අවස්ථා තුනකදී මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම සහතිකයෙන් පිදුම් ලබා තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2009 වසරේ සිට අඛණ්ඩව අයි.එස්.ඕ. 9001 - 2008 සහතිකය හිමි කර ගැනීමට සමත්ව තිබේ.


    මෙම සහතිකය ප්‍රදානය කිරීමේදී මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කොට ඇති මහනුවර දිසාපතිවරයාගේ ඍජු අධීක්ෂණයට ලක් වන රජයේ විවිධ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු විස්සකට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කොට තිබේ.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya