අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය පාසල් රියැදුරන් දැනුවත් කරයි

    ජූලි 25, 2014
    මධ්‍යම පළාත් ප්‍රවාහන සතිය නිමිත්තෙන් සංවිධානය කෙරුණු පාසල් රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය බදාදා නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.


    "අවදානමට පෙර අවධානය" යන තේමාව යටතේ සංවිධානය කෙරුණු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

     

    පාසල් ප්‍රවාහන රථ රියැදුරන් 50කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ. නුවරඑළිය පොලිස් රථ වාහන අංශයේ විශේෂ දේශනයක් ද මේ යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. රියැදුරන්ගේ නොසැලකිලිමත් භාවය නිසා අනතුරට ලක් වූ පුද්ගලයන් සහ සිදුවීම් පිළිබඳව සැකසුණු කෙටි වාර්තා චිත්‍රපටය මෙහිදී සියලු දෙනාගේ ම විශේෂ අවධානයට ලක් විය.

     

    බීමත්කම, රිය පදවන අතර තුර ජංගම දූරකතන භාවිතය, නොඉවසිලිමත් භාවය සහ නිවැරදි සංඥා ක්‍රම භාවිත නොකිරීම හේතුවෙන් දෛනිකව මෙරට තුළ සිදු වන රිය අනතුරු සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. 2013 වසරේ සිට මේ දක්වා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 2339 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය පෙන්වා දුන්නේ පාසල් ප්‍රවාහන රථ රියැදුරන්ගෙන් ඉතා වටිනා සේවයක් සිදුවන බවත් එමෙන් ම පාසල් දූ දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් පාසල් ප්‍රවාහන රථ රියැදුරන් නිසි වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් ය. වත්මන් සමාජය තුළ සිදුවන ඇතැම් අපයෝජන පාසල් ප්‍රවාහන කටයුතු අතර තුර සිදුවන බැවින් එවැනි තත්ත්වයන් නිසි අධීක්ෂණයක් යටතේ සිදු විය යුතු බවත් අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය පෙන්වා දුන්නාය. 

    මෙම අවස්ථාව සඳහා නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ. ඔවුන් සියලු දෙනාගේ ම අදහස වූයේ "ඔබේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් කල්පනා කළහොත් අන් අයගේ ද ආරක්ෂාව සුරක්ෂිත වීමට" එය හේතුවක් වන බවයි.


    NDH/SH_dmu_nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya