අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනහ කඳුළු පෙට්ටි නුවරඑළිය පාසල් 24කට

    ජූලි 26, 2014
    ජාතික ළමාරක්ෂණ අධිකාරියේ මෙහෙයවීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිනහ කඳුළු පෙට්ටි පාසල් 24ක් වෙත ප්‍රදානය කිරීම පෙරේදා (24) නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්.  අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 


    ජාතික ළමාරක්ෂණ අධිකාරියේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම සිනහ කඳුළු පෙට්ටිය පාසල් තුළ ව්‍යාප්ත කෙරේ. පාසල් දූ දරුවන්ගේ ස්වකීය අදහස් ගුරුවරුන් වෙත ප්‍රකාශ කළ නොහැකි අවස්ථාවක ඔවුන්ගේ අදහස් හා ඉල්ලීම් මෙම පෙට්ටිය තුළට යොමු කිරීමට ඉඩ කඩ ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම සිනහ කඳුළු පෙට්ටිවලට අදාළ යතුරු දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් යටතේ පවතින අතර ඒවා විවෘත කිරීම සෑම මසකම අවසන් සිකුරාදා දින ගුරුමණ්ඩලය ඉදිරියේ සිදු කිරීමට නියමිතය. ඒ අනුව අදාළ යෝජනා සහ අදහස්, පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීම ආරම්භ කරනු ඇත. 

     

    මේ අවස්ථාව සඳහා ගුරුභවතුන් සහ පාසල් දූ දරුවන් රැසක් ද  කලාප අධ්‍යක්ෂවරු ද සහභාගී වී සිටියහ.

    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya