අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ සතිපොළවල් ඉදිකිරීමට මිලියන 498ක්

    ජූලි 25, 2014

    වයඹ පළාත් පාලන ආයතන සහ පොළ භූමි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්  වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ආරම්භ කර තිබේ.


    වයඹ පළාතට අනන්‍ය  වූ එකම සැලසුමකට අනුව සතිපොළ 25ක් පළමුව ඉදිකෙරෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 498ක මුදලක් වෙන්කර ඇත.


    සතිපොළ නැගුමයි - ඉසුරු උදාවයි නමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර '' දිරිය බිම '' සතිපොළ නමින් නම් කර තිබේ. මීට අමතරව මෙම ව්‍යාපෘතිය යටතේ සතිපොළ 10ක් ද ඉදිරියේදී ඉදිකිරීමට නියමිතය.


    වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාත්මක වනුයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම සංකල්පය ක්‍රියාවට නංවමිනි. මඩවලවල්වල, පාරවල් හරස් කරමින් හා නුසුදුසු ස්ථානවල මීට පෙර සතිපොළවල් පැවති අතර,  එහිදී වෙළෙන්දන්ට සහ පාරිභෝගික ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ජල පහසුකම් නොතිබුණි. ඇතැම් නගරවල පොළ දිනයට ප්‍රවාහන ගැටලු පැන නැගුණි. කුණු එකතුකිරීම, බැහැර ගෙනයාම ගැටලු සහගත විය.


    මෙම නව පොළ භුමිය ඉදිකිරීම යටතේ වාහන රථ ගාල්, වැසිකිලි පහසුකම්, පානීය ජල පහසුකම්, ආරක්ෂාව  ප්‍රමාණවත් ඉඩකඩ සැලසේ.


    මෙහි පළමු අදියර යටතේ විජය උදාගම, මූණමල්දෙණිය, මාවී ඇළ, බමුණාකොටුව, වරා වැව, බෝයවලාන, නාන්නේරිය, ඇහැටුවැව, කත්නොරුව, මීගලෑව, මඩගල්ල, වීර පොකුණ, කැප්පිටිගල, ආඬිගම, තලවිල - හල්පාන්විල, වැලිපැන්නගහමුල, කිතලව, දීයාවල, තබ්බෝව, වනාතවිල්ලුව, මුන්දලම, කිරිමැටියාන, නාරම්මල, නාගොල්ලාගම, දුම්මලසූරිය යන ප්‍රදේශවල සතිපොළ ඉදිකෙරේ.


    පසුගිය 23,24 සහ 25 යන දිනයන්හි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාතේ සතිපොළ ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කළ අතර එක් එක් පළාත් පාලන ආයතන සභාපතිවරු විසින් එහි වගකීම දරනු ලබති.


    වයඹ ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඉංජිනේරුමය  උපදේශනය සපයන අතර, ව්‍යාපෘති අධීක්ෂණය පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya