අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දියුණු කිරීමට දේශපාලඥයින්ගේ වැඩි අවධානයක් යොමුවිය යුතුයි

    ජූලි 25, 2014
    දුප්පත් පවුල්වල  දරුදැරියන්ට  නිදහස් අධ්‍යාපනය තුළින් සශ්‍රීක අනාගතයක් හිමිකරදීම සඳහා දේශපාලන අරමුණුවලින් තොරව නොදියුණු කුඩා පාසල් සංවර්ධනය කිරීම අප කාගේත් වගකීම බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රාජගිරිය, කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ දරුදැරියන් සඳහා පාසල් සපත්තු හා මේස් ප්‍රදානය කිරීමේ අවස්ථාවට පසුගියදා සහභාගි වෙමිනි. සෙත්සිරිපාය, දෙවන මහලේ පිහිටි ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී මෙම ප්‍රදානය සිදුකෙරිණ.
     
    රුපියල් ලක්ෂ 48ක වියදමින් රාජගිරිය, කලපළුවාව  ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම හා නව ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින එම විද්‍යාලයේදී පැවැත්විණ. එම උත්සවයට පැමිණි දරුවන්  කිහිපදෙනෙකු කැඩුණු සපත්තු පැළඳ සිටිනවා අමාත්‍යවරයා දුටුවේය. අනතුරුව උත්සවයේ ප්‍රධාන දේශනය කළ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ කැඩුණු සපත්තු පැළඳ සිටි දරුවන් දැක මගේ කුඩා කාලයේ පාසල් දිවිය මතක්වුණු  බවත්, එක් දිනක මගේ කැඩුණු  සපත්තුවෙන් ඇඟිල්ලක් එළියට ඇවිල්ලා තිබෙනු දැක ළමයින් මට හිනාවුණු සිද්ධියක් අද මට මතක් වුණ බවත්ය.
     
    මෙම දරුවන් මුහුණදුන් අපහසුතාවන්ට පිහිටවීමේ අරමුණින් පාසලේ සපත්තු අවශ්‍යතාව ඇති සෑම දරුවෙකුටම නොමිලේ සපත්තු ලබාදීමට එදින අමාත්‍යවරයා පොරොන්දු විය. එම පොරොන්දුව දින කිහිපයක් යන්නට පෙර ඉටුකරමින් කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ පාසල්  සිසු සිසුවියන් 54 දෙනෙක් සඳහා රුපියල් 60,000ක් වටිනා සපත්තු හා මේස් විමල් වීරවංශ අමාත්‍යවරයා අතින් ප්‍රදානය කෙරිණ. මෙම පරිත්‍යාගය සඳහා මූල්‍ය දායකත්වය විමල් වීරවංශ අමාත්‍යතුමා සභාපතිත්වය දරණ පංචායුධ පදනම විසින් ලබාදෙන ලදී.
     
    දේශපාලනඥයෙක් ළමුන් වැඩියෙන් සිටින පාසල්වලට උදව් කරන්න පෙළඹෙනවා. එතකොට තමයි වැඩි දෙනෙකුට පණිවුඩය යන්නේ. ළමුන් අඩු පාසලකට උදව් කළාට එයින් ලැබෙන දේශපාලන වාසිය අඩුයි. නමුත් අපි එහෙම මේ පාසල දිහා බැලුවේ නැහැ. අපි මෙතන ඡන්ද ගන්න හෝ වෙනත් දේශපාලන ඵල ප්‍රයෝජන බැලුවේ නැහැ. අපි බැලුවේ දරුවන්ගේ අයිතිය සුරැකිමයි. අතීතයේ විශාල කීර්තියක් ලාබ සිටි මෙම පාසල නැවත එම තත්ත්වයට ගෙන ඒමේ අරමුණින් විදුහල්පති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි අපි මැදිහත් වුණේ.
     
    ආර්ථික අගහිඟකමින් පිරුණු පවුලක දරුවෙකු වී ඉපදුණාට සශ්‍රීක පවුලක උරුමක්කාරයෙක් බවට අනාගතයේ දී පත්වෙන්න අවස්ථාව ඇති බවත් නිදහස් අධ්‍යාපනය තුළ ඔබට ඒ මාවත විවර වී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් ආරම්භ කරන ලද පංචායුධ පදනමේ ප්‍රධාන අරමුණවනුයේ ශ්‍රී ලංකාවේ සිටින අසරණ දුගී දුප්පත් ජනතාව මුහුණදෙන ගැටලු විසඳීම සඳහා සුබ සාධන සේවා සැපයීමයි. මේ යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන මට්ටම උසස් කිරීමේ අරමුණින් ස්වයං රැකියා අවස්ථා නිර්මාණය කරදීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, දුගී දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟාසිටුවීමට ආධාර ලබාදීම, මහජන සුභසාධන පහසුකම් සැලසීම වැනි විවිධ සමාජ සත්කාරක වැඩසටහන් පංචායුධ පදනම විසින් සිදුකරනු ලබයි.
     
    කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය තිහගොඩ භද්දිය හිමිපාණන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. ඊට අමතරව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ගුරු මණ්ඩලය, මව්පියෝ, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya