අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිමඩ ජල ව්‍යාපෘති ජනතා අයිතියට

    ජූලි 25, 2014

    ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ මැතිවරණ බලප්‍රදේශයේ ජල ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පත් කිරීම හා මාර්ග කීපයක් කොන්ක්‍රීට් කිරීම සඳහා මුල් ගල තැබීම ජුලි 26 (සෙනසුරාදා) සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    මෙදින පෙ.ව 9.30ට බණ්ඩාරවෙල පාර නාවල චන්නමඩුවේ දී මාර්ගය කොන්ක්‍රීට් කිරීම සඳහා මුල් ගල තැබීම හා නාවල කරගහවත්ත මාර්ගයේ දී පෙ.ව 11.15ට  මාර්ග කොන්ක්‍රීට් කිරීම සඳහා මුල් ගල තැබීම සිදු කෙරේ. පෙ.ව 11.45ට ජල ගබඩා ටැංකිය විවෘත කිරීම සිදු කරන අතර ඉන් අනතුරුව ජන හමුවක්ද පැවැත්වේ.

     

    මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය  නිලධාරින්, ග්‍රාම නිලධාරින්, සමෟද්ධි නිලධාරින් හා ජල සම්පත් කළමනාකරණ මණ්ඩලයේ නිලධාරින් ඇතුළු නිලධාරි මහත්ම මහත්මීහු රැසක් සහභාගි වීමට නියමිතය.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya