අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලට දිවි නැගුමින් ව්‍යාපෘති 5125ක්

    ජූලි 25, 2014
    ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයේ වැඩසටහන යටතේ දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ව්‍යාපෘති 5125ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
     
    මේ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 අතුරින් යක්කලමුල්ල 276ක්, තවලම 211ක්, කරන්දෙනිය 628ක්, නෙළුව 314ක්, නියාගම 207ක්, ඇල්පිටිය 382ක්, හික්කඩුව 1862ක්, අම්බලන්ගොඩ 386ක් හා අක්මීමන 886ක් වශයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම තොරතුරු අනාවරණය වුයේ පසුගිය දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මාසික කෘෂිකර්ම ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ය. 
     
    මෙහිදී පුරන් කුඹුරු අස්වැද්දවීම, කෘෂිකර්ම අමාත්‍යංශය මගින් අධීක්ෂණය කරනු ලබන ව්‍යාපෘතීන්වල ප්‍රගතිය විමසා බැලීම සිදු විය.
     
    දිස්ත්‍රික්කයේ අන්නාසි හා දූරියන් පලතුරු ගම්මාන ඇති කිරීමට කටයුතු යොදා ඇති බවද මෙහිදී  අනාවරණය විය.
     
    පශු සම්පත් අංශයේ පවතින ගැටලු මෙන් ම දිස්ත්‍රික් වාරිමාර්ග ව්‍යාපෘතිවල ද ප්‍රගතිය මෙන් ම 2014 දැයට කිරුළ වැඩසටහන ක්‍රියාත්මක ඉඩම් වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට ගැනුණි.
     
    DB/ GKN - dmu galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya