අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගලු නාගරික සීමාවේ පසුගාමී මාර්ග 07ක් සම්පූර්ණයෙන් සංවර්ධනය

    ජූලි 25, 2014
    මේ වසරේ ජාතික නිදහස් දින උළෙල කෑගල්ල නගරයේ පැවති අතර ඊට සමගාමීව කෑගල්ල නගරයේ ප්‍රධාන මාර්ග සියල්ල මුළුමනින් සංවර්ධනය කෙරිණි. ඊට අමතරව රුපියල් මිලියන 20,000ක පමණ වියදමින් විකල්ප මාර්ගයක් නිම වූ අතර නිදහස් මාවත නමින් නව මාර්ගයක් ද කෑගල්ල නගරයට එක්විය.
     
    මෙසේ නාගරික සීමාව තුළ දැවැන්ත මාර්ග සංවර්ධනයක් සිදුවන අතර එම නාගරික සීමාවේ ඉතිරිව තිබූ ප්‍රවේශ මාර්ග රැසක් සබරගමු පළාත් සභා අරමුදලින් සංවර්ධනය කිරීමෙන් අනතුරුව එම මාර්ග ජනතා අයිතියට පත්කිරීම කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අතින් පසුගියදා සිදු විය.
     
    අඹන්පිටිය වෙන්දේසි වත්ත, රංවල - යටිවල, රංවල - වඩුගම, ජබුන්වල, රංවල මාකුඹුර, කෝපිවත්ත - පුවක්ගණ්ඩාව, තලගහයාය - ගම්මැද්ද යන මෙකී මාර්ග මුළුමනින් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට වැය වූ රුපියල් තිස්පන් ලක්ෂයක මුදල පළාත් සභා අරමුදලින් මහ ඇමති මහීපාල හේරත් මහතා ලබාදී තිබිණි.
     
    මෙම මාර්ග පද්ධතිය ජනතා අයිතියට පවරන අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, පළාත් සභා මන්ත්‍රීවරුන් වන තාරක බාලසූරිය, ඉමිතියාස් කාදර්, කෑගල්ල නගරාධිපති ජී.කේ. සමරසිංහ, නාගරික මන්ත්‍රී රසික පෙරේරා යන මහත්වරු ද සහභාගී වූහ.
     
    DB
     
    SABARAGAMU ROAD 1
     
     
    SABARAGAMU ROAD 2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya