අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "පළාත් නැගුම" යටතේ මාතරට ලක්ෂ 9658ක්

    ජූලි 25, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ක‍්‍රියාත්මක කරන "පළාත් නැගුම" රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් තුළ ග‍්‍රාම නිලධාරි වසම් 650ක් සඳහා රුපියල් ලක්ෂ 9658ක් වෙන් කර තිබේ.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ 2014 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා මෙම මුදල් ප‍්‍රතිපාදන වෙන්කර තිබේ.
     
    මේ වන විට අනුමත කරන ලද වැඩ යෝජනා 623ක් සඳහා රුපියල් ලක්ෂ 8694ක් අනුමත කර ඇත. බොහෝ ව්‍යාපෘති දැනට ක‍්‍රියාත්මක කරමින් පවතින අතර ඇතැම් ව්‍යාපෘති මේ වන විටත් ක‍්‍රියාත්මක කර වැඩ අවසන් කර තිබෙන බව මාතර දිස්ත‍්‍රික් ක‍්‍රම සම්පාදන අධ්‍යක්ෂ එස්.ජී. විදුර ප‍්‍රසන්න මහතා පවසයි. 
     
    කෙසේ වෙතත් මේ වසරේ දෙසැම්බර් 31 දිනට පෙර වැඩ යෝජනා සියල්ල ක‍්‍රියාත්මක කර අවසන් කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසී ය. 
     
    DB/TI - dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya