අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දියවර සොබා වනිතා වැඩසටහන" ආරම්භ කෙරේ

    ජූලි 26, 2014
    ධීවර පවුල් නගාසිටුවීම හා ධීවර පවුල්වල ආර්ථික හා සමාජීය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කරන ලද "දියවර සොබා වනිතා වැඩසටහනේ" පළමු වැඩසටහන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  ආරම්භ කෙරිණි.


    ඒ සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුම් අංශය සහ සංවර්ධන අංශයේද දායකත්වය ලැබුණි. මේ මඟින් රටේ අනෙකුත් කාන්තාවන්ට හිමි වී ඇති අවස්ථා, වරප‍්‍රසාද ධීවර කතුන්ටද ලබාදෙමින් ඔවුන්ට අත්වැලක් වීම මෙහි අරමුණ වේ. ධීවර ප‍්‍රජා ආර්ථික හා සමාජ තත්ත්ව ප‍්‍රවර්ධන වැඩසටහනක් මෙන්ම ස්වයංරැකියා සඳහා තාක්‍ෂණික පුහුණු වැඩසටහනක් ද වන දියවර සොබා වනිතා වැඩසටහන මඟින් ධීවර කාන්තාවන්ට ස්වයංරැකියා සඳහා බලගැන්වීම සිදු කෙරේ. 

     

    කළුතර දිස්ත‍්‍රික්කයේ අඩු ආදායම්ලාභී ධීවර පවුල්වල අතිරේක ආදායම් උත්පාදනය සහ දරුවන්ගේ පෝෂණ මට්ටම වැඩි දියුණු කිරීමටත් අධ්‍යාපන තත්ත්වය නංවාලීම සඳහාත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් ශ‍්‍රී ලංකා කාර්මික තාක්‍ෂණික ආයතනය මඟින් මෙම පුහුණු වැඩමුළුව පවත්වන බව විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය පැවසුවාය.

     

    ධීවර අමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තුළින් රටේ සිටින දරුවන්ගේ මන්දපෝෂණය දුරලීමට එතුමා අපේක්‍ෂා කරනු ඇත. උතුරු නැගෙනහිර හා දකුණු වෙරළ තීරයේ සිටින ධීවර ජනතාවගේ පවුල් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරයි. උම්බලකඩ, ජාඩි, කරවල ආශ‍්‍රිත නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම මෙම වැඩසටහන මඟින් සිදුකෙරෙන බවත් එය ඉදිරි වසර තුළදී මුළු රට පුරාම ධීවර ප‍්‍රදේශ ආශ‍්‍රිතව දීප ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය වැඩිදුරටත් පැවසීය. 

     

    NDH 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya