අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයේ දැවැන්ත ප්‍රගතියක්

    ජූලි 25, 2014

    පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයේ මේ වන විට දැවැන්ත ප්‍රගතියක් හිමි කර ගෙන ඇත.

    ඒ අනුව මාර්ග සංවර්ධනය සඳහා A, B වශයෙන් ජාතික මාර්ග සඳහා  දුර කිලෝ මීටර් 488ක් වන අතර, එහි සංවර්ධනය කළ දුර ප්‍රමාණය  කිලෝ මීටර් 244ක් වන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පෙන්වා දෙයි. මේ සඳහා රුපියල් මිලියන 20,728ක් වැය කර ඇත.

    මේ බව අනාවරණය කරනු ලැබූයේ පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
     
    Cශ්‍රේණියේ පළාත් මාර්ග දුර කිලෝ මීටර් 729ක් වන අතර, එහි  සංවර්ධනය කළ දුර ප්‍රමාණය 237ක් වේ. මෙහි වියදම රුපියල් මිලියන 4066 කි. ග්‍රාමීය මාර්ග 2950ක් වන අතර, එහි  සංවර්ධනය කළ දුර ප්‍රමාණය කිලෝ මීටර් 247කි. ඒ සඳහා රුපියල් මිලියන 1278ක් වියදම් දරා ඇත. මාර්ග සංවර්ධනයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉදිකරන පාලම් සංඛ්‍යාව 10ක් වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 407ක වියදමක් දරා ඇති බව පුත්තලම් දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

    ECB/JHS_dmu_puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya