අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් මාර්ග ආරක්ෂණ ඒකකයේ සාමාජිකයන්ට පත්වීම් ප්‍රදානය කරයි

    ජූලි 25, 2014
    මධ්‍යම පළාත් මාර්ග ආරක්ෂණ ඒකකයේ සාමාජිකයන්ට පත්වීම් ප්‍රදානය කිරීම පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් එම ඒකකයේදී සිදු කෙරිණි.


    මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ මගපෙන්වීම යටතේ පිහිටුවන ලද මධ්‍යම පළාත් මාර්ග ආරක්ෂණ ඒකකය මඟින් පසුගිය 21 සිට ලබන 27 දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති ප්‍රවාහන සතියට සමගාමීව මේ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

     

    මෙහිදී මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් එන්.එස්. සේනාධීර මහතාට හිමි පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලද්දේ කොබ්බෑකඩුව මහතා විසිනි.

     

    මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති නීතිඥ ගාමිණී ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රවාහන ලේකම් උපාලි අලහකෝන් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/SK-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya