අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපයෙන් ඌවට සූදානම් වන මහ ඇමති අපේක්ෂකයා පවසන්නේ රජයට අභියෝගයක් දීම ගැන පමණයි

    ජූලි 24, 2014

    අද එජාපයෙන් ඌව පළාත් සභාවට තරග කිරීමට සූදානම් වන මහ ඇමති අපේක්ෂකයා ම පවසන්නේ මහ ඇමති ධූරයට පත්වීම පිළිබඳව නො ව රජයට අභියෝගයක් ලබා දීම ගැන පමණක් යැයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.


    වීරක්කොඩි මහතා මේ අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප. ක්‍රියාකාරීන් සඳහා පසුගියදා පැවති රැස්වීමක් අමතමිනි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරක්කොඩි මහතා; “මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති නොවන්නට අද අපි භුක්ති විඳින නිදහස, සාමය අපට කිසි දිනෙක විඳින්නට ලැබෙන්නෙ නෑ. වෙනදා ගාල්ලේ ඉඳන් කොළඹ ගියපු තමන්ගෙ සැමියා, බිරිඳ, දරුවන් නැවත ගෙදර එනතුරු රූපවාහිනිය ළඟට වෙලා විශේෂ ප්‍රවෘත්තියක් යනවද කියලා තිගැස්මෙන් ජීවත් වුණේ. ඒ යුගය වෙනස් කරලා මේ රටේ පැහැදිලි වෙනසක් අද ජනාධිපතිතුමා ඇති කරලා තියෙනවා. මීට වසර 15කට පෙර මේ ගමක ඉඳන් දූරකතන ඇමතුමක් ගන්න කොයි තරම් දුෂ්කරතා තිබුණ ද මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන කොට 2005 දී මේ රටේ දූරකතන තිබුණේ ලක්ෂ 22 යි. අද මිලියන 22ක් දූරකතන තියෙනවා. 2005 දී ත්‍රී රෝද රථ තිබුණේ දෙලක්ෂ පහළොස්දහස යි. අද වෙන කොට ත්‍රී රෝද රථ අටලක්ෂ පනස්දහසයි. 2005 දී යතුරු පැදි ලක්ෂ 11ක් තිබුණා. අද වෙන කොට ලක්ෂ 27ක් වෙන කම් වැඩි වෙලා තියෙනවා. මේ සියල්ල සිදු වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ.


    2005 දී රූපවාහිනී නාලිකා තිබුණේ 6 යි. ප්‍රවෘත්ති කියන්න පුළුවන් වුණේ රූපවාහිනී නාලිකා කිහිපයකට විතරයි. අද වෙන කොට රූපවාහිනී නාලිකා 18ක් තියෙනවා. හැම පැයෙන් පැය ම ඕනම රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විකාශය වෙනවා. විපක්ෂය මෙහෙම වෙලත් කියනවා මාධ්‍ය නිදහසක් නෑ කියලා. මේ වෙනස දියුණුව ඉවස ගන්න බැරි සුලු පිරිසක් මොන දේවල් කිව්වත් රටේ බහුතර ජනතාවට මේ වෙනස වැටහිලා තියෙනවා. මේ වෙනකොට ඌවේ මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එ.ජා.ප.යෙන් ඌව මහ ඇමති කමට පාර්ලිමේන්තුවෙන් අස් වෙලා ඉදිරිපත් වෙනවා කියන හරීන් ප්‍රනාන්දු මහතා ම කියන්නෙත් “මම මේ මැතිවරණයට තරග කරලා රජයට ලොකු අභියෝගයක් කරනවා කියලා.” අභියෝගයක් විතරයි කරන්න පුළුවන් කියලා එතුමත් දන්නවා. එතුමා කියන්නෙ නෑ තරග කරලා ජයග්‍රහණය කරලා මහ ඇමති බවට පත් වෙනවා කියලා. එතුමා බලාපොරොත්තු වෙන්නෙත් ඌව පළාතේ විපක්ෂ නායක කමට පත් වෙන්න. අද එ.ජා.ප.ය වැටිලා තියෙන තත්ත්වය රටේ ජනතාවට මේකෙන් ම තේරුම් ගන්න පුළුවන්.“ යැයි වීරක්කොඩි මහතා පැවසීය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya