අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුර නැගුමින් පළාත් පාලන ආයතන 22ක් සංවර්ධනයට පියවර

    ජූලි 24, 2014
    පුර නැගුම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, පොලොන්නරුව, පුත්තලම හා මොනරාගල දිස්ත්‍රික්කයන් හි පළාත් පාලන නියෝජිතායතන 22ක් සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇත.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ 2010 වසරේ සිට උතුරු පළාතේ කිලිනොච්චිය, මුලතිව්, වවුනියා හා මන්නාරම දිස්ත්‍රික්ක හා නැගෙනහිර පළාතේ අම්පාර, මඩකළපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන නියෝජිතායතන 79ක් වෙත ප්‍රතිපාදන සපයා දී ඇත.
     
    පළාත් පාලන නියෝජිතායතනවල ධාරිතාව වර්ධනය මගින් ජනතාව වෙත පළාත් පාලන නියෝජිතායතන සේවා වඩාත් කාර්යක්ෂම ලෙස ලබාදීම ප්‍රධාන අරමුණ වේ.
     
    මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 86ක් වැය වන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් ලෝක බැංකුව හරහා ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනයේ ණයක් වශයෙන් ද, තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 18.08ක් ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් වශයෙන් ද ලැබෙන අතර ඉතිරි මුදල රජය විසින් දරනු ලැබේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya