අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණික විපර්යාස හානි අවම කිරීමේ වැඩසටහනක්

    ජූලි 24, 2014
    දේශගුණික විපර්යාස සිදුවීමෙන් ඇති වූ පාරිසරික අර්බුද යළිත් නඟාසිටුවීම සඳහා දිවිනැගුම සංවර්ධන වැඩසටහන යටතේ ග්‍රාමීය ජීවනෝපාය මාර්ග ශක්තිමත් කරමින් ප්‍රජා සහභාගිත්ව වැඩසටහනක් දියත් කිරීමේ සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ (23) ආරම්භ විය.
     
    එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ ගෝලීය පහසුකම් අරමුදලේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කරමින් ආරම්භ වේ. අනතුරුව එය අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, හම්බන්තොට, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    මේ යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක ග්‍රාම සේවා වසම් 12,023ක ගෘහ ආශ්‍රිත මට්ටමෙන් ක්‍රියාත්මක වැඩසටහන් වඩාත් ශක්තිමත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතියේ කාල සීමාව වසර 04කි.
     
    සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ මෙහෙයවීමෙන් පැවති අතර එම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂිකා රෂීනා බිල්ගාම්, අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ව්‍යාපෘති අධ්‍යක්ෂක සහ දිවි නැගුම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත් යන මහත්වරුන් ඇතුළු අදාළ අමාත්‍යංශයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරිහු රැසක් සහභාගි වූහ.
     
    DB
     
    MP BR CLIMATE 1
     
     
    MP BR CLIMATE 2
     
    MP BR CLIMATE 4
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya