අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යූත් පාර්ලිමේන්තුව 09 වැනි සැසි වාරය 26 සිට

    ජූලි 24, 2014
    ජාතික තරුණ සේවා සභාව සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යූත් දෙවැනි පාර්ලිමේන්තුවේ 09 වැනි සැසි වාරය 26 සහ 27 යන දිනවල පෙ.ව.10.00ට මහරගම ශ්‍රී ලංකා යූත් ප්‍රධාන ශාලාවේ ඉදිකරන ලද විශේෂ සභා ගර්භයේ දී  පැවැත්වේ.
     
    මෙවර ශ්‍රී ලංකා යූත් පාර්ලිමේන්තු සැසි වාරයේදී  “අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, රැකියා වියුක්තිය, ව්‍යවසායකත්ව සංවර්ධනය”, “ ආපදා කළමනාකරණය හා සහන සේවා, පරිසර සංරක්ෂණය, සෞඛ්‍යය”, “කාන්තා සවිබල  ගැන්වීම, ළමා අයිතීන් හා ආරක්ෂාව, විදේශ රැකියා නියුක්තිය”, “ධීවර කෘෂි කර්මාන්ත, කර්මාන්ත”,  “ජනවාර්ගික හා ආගමික සහජීවනය සහ ආණ්ඩුකරණය, සමාජ සාධාරණත්වය”, “ රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී තරුණ සංවේදී ප්‍රතිපත්ති හා රාජ්‍ය මුල්‍ය කළමනාකරණය  පිළිබඳ තරුණ මැදිහත්වීම” යන මාතෘකා විවාදයට ගැනීමට නියමිතය.
     
    26 වැනි දින පෙ.ව.10.00ට මෙම පාර්ලිමේන්තු සැසි වාරයේ  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහභාගි වන අතර, මෙහි සුවිශේෂ ආරාධිත අමුත්තා ලෙසින් ශ්‍රී ලංකාවේ නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා සහභාගිවීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් බී. විජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා ශ්‍රී ලංකාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරු ද සහභාගි වෙති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya