අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂ සංවර්ධනයක්

    ජූලි 24, 2014

    පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂ සංවර්ධනයක් පසුගිය කාලය තුළ දක්නට ලැබේ.ඒ අනුව පුත්තලම  දිස්ත්‍රික්කය 2009 වර්ෂයේ  සිට  2013 වර්ෂය දක්වා අධ්‍යාපන  ක්ෂේත්‍රය සඳහා වෙන් කරන ලද ආයෝජන වටිනාකම රුපියල් මිලියන 1740කි.


    2014 වර්ෂයේදී  පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත අධ්‍යාපන කලාපය හා පුත්තලම අධ්‍යාපන කලාපය වශයෙන් කලාප 02කට වෙන්කර ඇත. දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 07ක් ද පළාත් සභා පාසල් 348ක් ද මේ යටතේ සංවර්ධනය කර ඇත. මේ වන විට දිස්ත්‍රික්කයේ ම ගුරුවරු සංඛ්‍යාව 7105 කි. ශිෂ්‍ය සංඛ්‍යාව 154,627ක් වන අතර, ගුරු ශිෂ්‍ය අනුපාතය 1: 22ක් වන බව පුත්තලම දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

    ECB/JHS_dmu_puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya