අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුනාමියකට පෙර දැන් අනතුරු සංඥා ලබා දිය හැකියි

    ජූලි 24, 2014

    නාරා ආයතනයේ සාගර හා ධීවර තොරතුරු කේන්ද්‍රය අපේ ධීවර ප‍්‍රජාවට ඉතා වැදගත් වන අතර මේ මඟින් අපේ ධීවරයන්ට සුළිසුළං, චණ්ඩ රළ, භූමිකම්පා ආදී ආපදා අවස්ථාවලදී ක්ෂණිකයෙන් තොරතුරු ලබාදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කළ හැකි බවත් සුනාමියක් එන්නට පෙර සුනාමියක අනතුරු සංඥා ලබාගැනීමට හැකි බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයේ සාගර හා ධීවර තොරතුරු කේන්ද්‍රය බේරුවලදී විවෘත කරමිනි.

     

    මෙම සාගර හා ධීවර තොරතුරු කේන්ද්‍රය මඟින් ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයේ තොරතුරු හා දත්ත ඇසුරින් අපදාවන් හා කාලගුණික විපර්යාසයන් පිළිබඳ තොරතුරු වඩාත් කාර්යක්‍ෂමව ජනතාවට ලබාදීමට හැකිවේ. මෙම මධ්‍යස්ථානය නාරා ආයතනයේ සාගර විද්‍යා අංශය මඟින් මෙහෙයවනු ලබයි. මේ සඳහා රජය රුපියල් ලක්ෂ 125ක පමණ මුදලක් වැය කර තිබේ. 2014 වසරේදී ඇති වූ සුනාමි ව්‍යසනයත් සමඟ මිනිස් ජීවිත හා දේපොළ විශාල ප‍්‍රමාණයක් විනාශයට පත්වුණි. මේ නිසාම මෙවැනි අපදාවන් පිළිබඳව මුළු ලෝකයේම කථිකාවක් හට ගැනුණි. එම නිසා සුනාමි වැනි ආපදාවන් කලින් හඳුනාගැනීම සඳහාත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරලිම සඳහාත් පියවර ගැනීමට ලෝකයේ බොහෝ රටවල් ඉදිරිපත් විය. එම නිසාම සුනාමි ආපදාවන් කලින් දැනගැනීමට මුහුදු රළ උච්ඡාවචනය මනින සන්නිවේදක උපකරණ හෙවත් ART-Deep Ocean Assessment and Reporting of Tsunami උපකරණ මුහුදු පතුලේ මීටර් 6000ක් පමණ ගැඹුරින් සවිකිරීමට පියවර ගෙන ඇත. බේරුවල ස්ථාපිත කෙරෙන සාගර හා ධීවර තොරතුරු කේන්ද්‍රය මඟින් පැය 24 පුරාම අදාළ තොරතුරු හා දත්ත ලබාදේ.


    මෙහිදී අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ ද පැවසීය.
    "මේ විවෘත කරන ගොඩනැගිල්ලට රුපියල් ලක්‍ෂ 125ක් වෙන් කළා. පහළ තට්ටුව අපේ ධීවර මහත්වරුන්ට. නගරය මැද තිබෙන ධීවර වෙළෙඳසැල් මෙතන ස්ථාපිත කරනවා. මෙහි උඩ තට්ටුව සමුද්‍රීය හා ධීවර තොරතුරු මධ්‍යස්ථානය තියෙනවා. ඒ අනුව මුළු දකුණටම තොරතුරු ලබාදෙන්නේ බේරුවල ඉඳලයි. සුනාමියක් කලින් හොයාගන්න පුළුවන් කිසිම තොරතුරු මධ්‍යස්ථානයක් දැනට ලංකාවේ නැහැ. ඒ නිසා අපට තොරතුරු පිටරටින් තමා ගන්න වෙලා තියෙන්නේ. අද මේ මධ්‍යස්ථානයත් එක්ක ලංකාවට සුනාමියක් එන්නට පෙර සුනාමියක අනතුරු සංඥා ලබාගන්න හැකි වෙනවා. එහෙම නැත්නම් සුළි සුළඟක්, භූමිකම්පාවක් ඒ සියල්ලේම තොරතුරු ලබාගන්න පුළුවන්. මේ තොරතුරු බෙදාහරින්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහායි. මේ තියෙන උපකරණ ආපදා මධ්‍යස්ථානයේත් නැහැ. තාක්‍ෂණය යටතේ හැම වරායකටම මේ මඟින් තොරතුරු ලබාදීමට බලාපොරොත්තු වෙනවා. එම කටයුතු මුලින් වරායවල් 7ක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මින් පසු හැම වරායකටම දිනපතා කාලගුණ වාර්තාව ලබාදෙන්න පුළුවන්. මේ ලෙසට තොරතුරු දුන්නාම අපට ධීවරයන්ගේ ජීවිත හානි වළක්වා ගත හැකි බවත් මේ මධ්‍යස්ථානය පැය 24 පුරා ක‍්‍රියාත්මක වන බවත්" ඔහු කීය.

     

    යාත‍්‍රා සුපරීක්‍ෂණ පද්ධතියක් ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා ඉවරයි. විදේශීය සමාගමත් එක්ක ගිවිසුමේ තියෙන ප‍්‍රශ්න කථා කර එහි නෛතික තතත්වයන් නීතිපති දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂා කිරීමෙන් පසු ගිවිසුම අත්සන් කර යාත‍්‍රා නිරීක්‍ෂණ පද්ධතිය ආරම්භ කරනවා. ඊට පස්සේ සියලු ම බහුදින යාත‍්‍රා මෙහෙයවන්නේ සැටලයිට් මාර්ගයෙන්. යාත‍්‍රාවක් අනතුරට ලක්වුණත් ඒ කොහේදිද යන්න මේ මඟින් බලා ගත හැකියි. කාලගුණය, මත්ස්‍ය බිම් බලාගන්න මෙය ප‍්‍රයෝජනවත් වෙනවා" යැයි ද ඔහු කීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya