අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළදරු සංවර්ධන නිවාස 70ක් පිළිසකර කිරීමට ඉන්දීය සහය

    ජූලි 24, 2014

    ශ්‍රී ලංකාවේ වතු ප්‍රදේශ 07ක ළදරු සංවර්ධන නිවාස 70ක් පිළිසකර කිරීමට ඉන්දියානු රජය පසුගිය අඟහරුවාදා (22) පෞද්ගලික ආයතනයක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇත.


    මෙය ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සින්හා (Y.K. Sinha) මහතා හා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා අමාත්‍යංශ අතිරේක ලේකම් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

     

    මෙම ව්‍යාපෘතිය සඳහා තක්සේරු පිරිවැය රුපියල් මිලියන 58ක් වන අතර හැටන්, ගාල්ල, මහනුවර, රත්නපුර, බදුල්ල හා කෑගල්ල යන නගරවල වතු ප්‍රදේශ 07 ක ළදරු සංවර්ධන නිවාස 70ක් පිළිසකර කිරීම මෙහි අරමුණයි.

    එක් ප්‍රදේශයකින් ළදරු සංවර්ධන නිවාස 10ක් තෝරා ගෙන ඒවා පිළිසකර කිරීම මෙම ව්‍යාපෘතියෙන් සිදු කෙරේ. වතු වැඩ කරන මව්වරුන්ගේ ළමුන් ආරක්ෂාකාරීව හා ඔවුන්ගේ ඉගෙනීමේ පහසුව පිළිබඳව සලකා මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය සපයන බව ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සින්හා මෙහිදී ප්‍රකාශ කළ බව ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කරයි.

    මෙම ව්‍යාපෘතියට අනුව ළදරු සංවර්ධන නිවාස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ හා අනෙකුත් අවශ්‍යතා සැපයීමද සිදු කෙරෙන අතර ළමුන්ට ඉගෙනීම සඳහා හිතකර පරිසරයක් සැකසීම ද සිදු කෙරේ.

     

    මේ වසර අවසානය වන විට වතු ජනතාවගේ නිවාස පිළිසකර කිරීමේ තවත් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියානු රජය අපේක්ෂා කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya