නැවත වරක් කාෂිකර්ම ඇමතිවරයා ලෙස ඊයේ (01) ඇමති මහින්ද අමරවිර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දි වැඩ බාර ගන්නා ලදී
එහිදි අදහස් දැක්වු ඇමතිවරයා කියා සිටියේ තම ප්‍රථම රාජකාරිය ලෙස කොස්පැළ 500,000 ක් රටපුරා රෝපණය කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
එය නොවැම්බර් මස 08 දා එකම වේලාවට මුළු රට පුරාම සිදු කිරිමට නියමිතය.
මෙහි ප්‍රධාන උත්සවය 2018.11.08 දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමටකටයුතු යොදා ඇත.
මෙය ගොවිජන මධ්‍යස්ථාන හා දිවයින පුරා සිටින කෘෂිකර්ම නිලධාරින්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.