අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන් සදහා සෞඛ්‍ය කදවුර නොවැම්බර් 05 සිට

    ඔක්තෝබර් 29, 2018

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ සෞඛ්‍ය කදවුරක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නොවැම්බර් 5,6,7 දිනවල පැවැත්වෙන සෞඛ්‍ය කදවුරේදී ඔබට පහත සේවාවන් ලබා ගත හැක.
    1. ශරීර ස්කන්ධ දර්ශකය,දියවැඩියාව, රුධිර පීඩනය,හෘද රෝග,වකුගඩු රෝග සදහා පරීක්ෂාව
    2. පෝෂණ උපදෙස් සායනය
    3. ශාරීරික ක්‍රියාකාරකම් සදහා මග පෙන්වීම,කාන්තා රෝග
    4. අවශ්‍යතා ඇති අය සදහා විශේෂඥ වෛද්‍ය උපදෙස්
    5. දන්ත රෝග සදහා පරික්ෂාව සහ ප්‍රතිකාර
    විශේෂ සෞඛ්‍ය සායනය සදහා සහභාගී වීමට උපදෙස්
    1. සියළු දෙනාම ශාරීරික ව්‍යායාම සදහා සුදුසු ඇදුමකින් පැමිණෙන්න.
    2. ඔබගේ ජනමාධ්‍යවේදී හැදුනුම්පත රැගෙන එන්න.
    3. සෞඛ්‍ය කදවුර උදෑසන 7.30 ට ආරම්භ වේ.
    4. සියළු දෙනාම ලියාපදිංචි කරනු ලබන අතර සෑම දෙනාටම පෞද්ගලික සෞඛ්‍ය වාර්තාවක් නිකුත් කෙරේ.
    5. රුධිර සහ මුත්‍රා සාම්පල උදෑසන 8.00 ට ලබා ගනු ලැබේ.
    6. සියළුම දෙනා පෙර දින රාත්‍රි 10.00 සිට නිරාහාරව (ජලය පවා පානය නොකර) සිටිය යුතුය.
    7. රුධිර සාම්පල ලබා ගැනීමෙන් පසුව උදෑසන ආහාරය ලබා දෙනු ඇත.
    8. උදෑසන ආහාරයෙන් පසුව සායනික පරීක්ෂාව සිදු කරනු ලැබේ.
    9. සායනික පරීක්ෂාවෙන් පසුව පෝෂණ උපදෙස් සායනය , ශාරීරික ක්‍රියාකාරකම් සදහා මග පෙන්වීම දන්ත රෝග සදහා පරීක්ෂාව සහ ප්‍රතිකාර සහ විශේෂඥ වෛද්‍ය උපදෙස් සදහා යොමු කරනු ලැබේ.
    10. වැඩි දුරටත් අවශ්‍ය ප්‍රතිකාර, විශේෂ පරික්ෂණ හෝ වෙනත් විශේෂඥ උපදෙස් සදහා යොමු කිරිම සිදු කරනු ලැබේ.
    11. වෛද්‍ය උපදෙස් ලබා දීමෙන් පසුව දිවා ආහාරය ලබා දෙනු ඇත.
    මෙම වෛද්‍ය සායනය සදහා සහභාගී වන්නේ නම්  තොරතුරු ආකෘති පත්‍රය පුරවා ආයතන ප්‍රධානී මගින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) වෙත 2018/10/29 වන දිනට පෙර ලැබීමට සලස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

    වැඩිදුර තොරතුරු සදහා විමසන්න-ප්‍රසන්න අධිකාරි - අධ්‍යක්ෂ (මාධ්‍ය) - 071-4819207

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya