අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ මිත්‍රශිලි වෙළෙඳ ගනුදෙනු සිදුවන වෙනවා

    ඔක්තෝබර් 26, 2018

    දිගු කාලයක සිට චීනය හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ මිත්‍රශිලි වෙළෙඳ ගනුදෙනු සිදුවන බවත් ,ගෙවී ගිය දශකය දෙස අවධානය යොමු කිරීමේදී වසර 10 කට පසුව අප චීනයට සිදුකරන අපනයන ප්‍රමාණය දෙගුණයකින් වැඩි වී තිබෙන බවත්, එය අප ආර්ථික සංවර්ධනයට යෝධ ශක්තියක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

     අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදී පැවති , ශ්‍රී ලංකා - චීන දූත පිරිස් අතර පැවති සාකච්ඡා වලදීය.

    චීනයේ ජාතික කෘෂිකාර්මික තොග වෙළෙඳසල් සංගමයේ (CAWA- China National Agriculture Wholesale Market Association) සභාපති Zengijum Ma සෙංගේජුම් මා මහතා ගේ නායකත්වයෙන් සිව් දෙනෙකුගෙන් යුත් චීන දූත පිරිසක් සාකච්ඡාවට එක්විය..

    මෙම සංගමය චීනයේ ප්‍රධාන වෙළෙඳ සංකීර්ණ 200කට අධික සාමාජික පිරිසගෙන් සමන්විතය මෙම සංගමයේ වාර්ෂික තොග වෙළෙඳාම් පිරිවැටුම ඇමරිකා ඩොලර් ට්‍රිලියන් 1.4 ක් පමණ වේ. මෙම සංගමයේ වෙළෙඳසල් චීනය පුරා සියලුම ප්‍රාන්ථයන් හා නගර සභාවන්හි පවතී.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතාකළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

    "චීනයේ ජාතික කෘෂිකාර්මික තොග වෙළෙඳසැල් සංගමයේ ආයෝජකයින් පිරිසකගේ සංචාරය නිසා, ශ්‍රී ලංකාවට විශාල අපනයන අවස්ථා රැසක් විශේෂයෙන්ම කෘෂිකාර්මික සහ නැවුම් නිෂ්පාදන අංශයන්හි විවෘත වී තිබෙනවා. ඒ වගේම අපි CAWA සංවිධානයේ සාමාජික ආයතන සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ වෙළෙඳාම දක්වා ආයෝජනය කරන්නැයි ආරාධනා කරනවා. ඒ වගේම නවීනතම තාක්ෂණය උපයෝගි කරගෙන ශ්‍රී ලාංකික සැපයුම්කරුවන් සමඟ අත්වැල් බැඳගන්නා මෙන්ද, මම ඉල්ලා සිටිනවා. අපගේ කෘෂි නිෂ්පාදන චීන ගැනුම්කරුවනට ලබා දීමට අවස්ථාවක් ලබා දීම ගැන සතුටු වෙනවා. මෙය චීනය සමඟ අපේ මුළු වෙළෙඳාමද, ඒවගේම අපනයනයද ඉහළ දැමීමට හේතුවක් වේවි.

    අපගේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛණ වලට අනුව චීනය සමඟ ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳාම පසුගිය වර්ෂයේදි සියයට 3 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එනම් 2016දී ඩොලර් මිලියන 4.47 වූ අපනයන ප්‍රමාණය 2017දී ඩොලර් මිලියන 4.6ක් බවට පත්ව තිබෙනවා.

    ඒ වගේම පළමුවරට ගෙවී ගිය දසවසර තුළ චීන අපනයනය2017 වසර වන විට දෙගුණයක් වී තිබෙනවා, එනම් 2016දී චීනයට කළ අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 199ක් වුවත්, එය 2017 වර්ෂයේදී ඇමරිකන් ඩොලර් මිලියන 415ක් වී තිබෙනවා." යැයි පැවසීය.


    මෙහිදී අදහස් දක්වමින් කතා කළ චීනයේ ජාතික කෘෂිකර්ම තොග වෙළෙඳපල සංගමයේ සභාපති සෙන්ග්ජුන් මා මහතා මෙසේ පැවසීය.
    "අප වෙළෙඳසැල් සංගමය චීනයේ විශාලතම ව්‍යාපාර ජාලය වෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයට විශේෂතාවක් දක්වනවා. රට තුළ කෘෂිකර්ම හා අනෙකුත් ආහාර ක්ෂේත්‍රයන් විශාල අපනයන අවස්ථා රැසක් පවතිනවා. එමනිසා ඔබගේ නැවුම් ආහාර නිෂ්පාදන සඳහා CAWA ආයතනය ඔස්සේ සහයෝගය ලබා දීමට පුළුවන්. ඒ වගේම අප දෙරටේ ව්‍යාපාරිකයන්ට හවුල් ව්‍යාපාර හා අයෝජන පවත්වාගෙන යාමට පුළුවන්. අපි ආහාර සැපයුම්කරුවන් සමඟ අත්වැල් බැඳගැනීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා අපි ඔබ වාණිජ දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසට චීනයට පැමිණෙන ලෙසටත් ආරාධනා කරනවා යැයි පැවසීය.

    මෙම සාකච්ඡාවට රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සොනාලි විජේරත්න මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya