අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගෙන් සුවිශේෂි දායකත්වයක්

    ඔක්තෝබර් 25, 2018

    රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගෙන් සුවිශේෂි දායකත්වයක් ලැබෙන බවත්,මේ වන විට ලියාපදිංචි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වඩා සිටින බවත් ඔවුන්ගෙන් දළ දේශීය නිෂ්පාදනයට සියයට 52කට වඩා වැඩි දායකත්වයක් ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ''ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශයට අදාළ ආනයතනික හා නියාමන වැඩ රාමුව තක්සේරු කිරීමේ''වැඩමුළුවේදීය.

     

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හෙවත් නේඩා ආයතනයේ සහායෙන් ජර්මනියේ GIZ  ආයතනයේ අනුග්‍රහයෙන්, අර්නස්ට් හා යංග් ආයතනයේ උපදේශකත්වයෙන් මෙම නියාමන වැඩ රාමුව සකස් කිරීම සිදු කෙරුණි. මෙහිදී එම වැඩ රාමුව ආශ්‍රිත මූලික වාර්තාව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙත අර්නස්ට් හා යංග් ආයතනයේ හවුල්කාර අර්ජුන හේරත් මහතා පිරිනමනු ලැබීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.


    ''ශ්‍රි ලංකාවේ පළමුවරට පවත්වන''සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශයට අදාළ ආයතනික හා නියාමන වැඩ රාමුව තක්සේරු කිරීමේ'' වැඩමුළුවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා, මෙම වැඩමුළුව මඟින් ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ වර්තමාන ව්‍යාපාරික පරිසරයේ පැතිරී පවත්නා සංස්ථායික රාමුව, ක්ෂේත්‍රයට හා ආයතන රාමුව සඳහා සහාය ලබා දීම ප්‍රධාන අරමුණු වෙනවා.

     

    මෙහි නිතිමය වශයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා බලපවත්න නීති හා නියාමන විධි 15ක් පමණ දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලින් සියයට 70කට වඩා වැඩි ව්‍යාපාර ප්‍රමාණයක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සතුව පවතිනවා. ඔවුන් මෙරට රැකියා අවස්ථා සියයට 40කට වඩා ලබාදී තිබෙනවා.

    ඒ වගේම අපේ සමස්ත අපනයනයන්ගෙන් සියයට 20ක් පමණ සපයා තිබෙන්නේ මෙම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් බව කිව යුතුයි.සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා මගේ අමාත්‍යාංශය හඳුන්වා දුන් එස්.එම්.ඊ ප්‍රතිපත්තිය මඟින් මහා පරිමාණ, විශාල තිරසාර ව්‍යාපාරික අවස්ථා මෙන්ම අවිනිශ්චිත වෙළෙඳපොළ වෙත, ගමන් කිරීමට මහඟු අවස්ථාවක් ලබාදී තිබෙනවා.

     

    එසේම අප රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ අධ්‍යාපනය දියුණු කරමින්, නවීන තාක්ෂණයට හුරුපුරුදු කරමින් සියලුම දෙනා ජාලගත කරමින් ව්‍යවසායකයන්ට දියුණුවක් ඇති කිරීමට නේඩා ආයතනය මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.

     

    මේ මඟින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ කුසලතා වර්ධනය කරමින්, ඔවුන්ගේ සේවකයන් හා නිෂ්පාදන වල ඉහළ ගුණාත්මක භාවයක් ඇති කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා නේඩා ආයතනය හැමදාම මැදිහත් වේවි යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya