මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ අධ්‍යාපන සමුපකාර සමිති සාමාජිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමේ

    ජූලි 22, 2014
    2011/2012 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට තෝරාගත් සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියේ සාමාජිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21)  සිදු කෙරිණි.
     
    එම සමිතියෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම දීප ව්‍යාප්තව සිදු කරයි. ඒ අනුව දකුණු පළාතෙන් සරසවි වරම් ලද දරුවන් 331දෙනෙකු සඳහා වසරකට රුපියල් 10,000 බැගින් වූ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම වැලිගම නගර සභා ශාලාවේ දී සිදු කෙරිණි. 
     
    මේ අවස්ථාවට දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් බන්ධුල රණවීර මහතා ප‍්‍රමුඛ අදාළ රාජ්‍ය නිලධාරීන්, ශිෂ්‍යත්වලාභීන් සහ ශිෂ්‍යත්වලාභීන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    2014 02 21 samupakara 4
     
     
    2014 02 21 samupakara 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya