අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාවෙන් 419 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට

    අගෝස්තු 16, 2018
    නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් ලෙස පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් කල්පිටිය, පාලවිය දළුව ගම්මානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි. 
     
    ඒ අනුව මෙලෙස ජනතා අයිතියට පත්වන්නේ නාවික හමුදාව විසින් නිපදවන ලද 419 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයයි.
     
    මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම අරමුණු කර ගනිමින් ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ මුල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්, සුමනාරාම ඇතුළු විහාර ඝනයෙහි අධිපති, කල්පිටිය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ශාස්ත්‍රවේදී, මිගෙට්ටුවත්තේ ශ්‍රී සුමිත්ත නාහිමියන්ගේ මැදිහත් වීම මත පාලවිය දළුව සුමනාරාම විහාරස්ථ පින් බිමෙහි ස්තාපිත කරන ලද මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මඟින් ප්‍රදේශ වාසි ජනතාවට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකි වනු ඇත. 
     
    මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, පුත්තලම දිසාපති, චිත්‍රානන්ද හේරත්, වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා ඇතුළු වයඹ නාවික විධානයේ නිලධාරීන් කිහිපදෙනෙකු, ප්‍රදේශවාසී ප්‍රභූ ජනතාව ඇතුළු ගම්වාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya