මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමටගොඩ ආරාමය පෙදෙස මහල් නිවාස ජනතා අයිතියට

    ජූලි 20, 2014
    රුපියල් මිලියන 18.5ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද දෙමටගොඩ ආරාමය පෙදෙස මහල් නිවාස I සහ II අදියර ජනතා අයිතියට පත්කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරු 3.00ට එම මහල් නිවාස සංකීර්ණයේ දී සිදුකෙරේ.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ජනසෙවණ “නගමු පුරවර” මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය  කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කොට ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසිනි.
     
    දෙමටගොඩ ආරාමය පෙදෙස මහල් නිවාස I අදියර 1999 වර්ෂයේ දී ආරම්භ කර ඇත. ගොඩනැගිලි 3කින් සමන්විත මෙහි නිවාස 48ක් පිහිටා ඇත. 
     
    මෙම නිවාස සංකීර්ණය මෙලෙස පුළුල් ප්‍රතිසංස්කරණයට ලක්වූයේ වසර 15කට පසුව වීම විශේෂත්වයකි. එමෙන්ම දෙමටගොඩ ආරාමය පෙදෙස මහල් නිවාස II අදියර 2005 වර්ෂයේ දී ආරම්භ කර ඇති අතර එම මහල් නිවාස සංකීර්ණය නිවාස 48කින් සමන්විත වේ.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම මහල් නිවාස සංකීර්ණයේ වහල අලුත්වැඩියාව, මළ නාලිකා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රවේශ මාර්ගය සැකසීම, බුදු මැදුර අලුත්වැඩියා කිරීම, ප්‍රජා ශාලාව නවීකරණය කිරීම, ප්‍රතිසංස්කරණයෙන් පසු ගොඩනැගිල්ලේ තීන්ත ආලේප කිරීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදුකොට තිබේ.
     
    මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්  නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරුන්, නිලධාරීන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya