අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අධිවේගයේ තුන්වැනි අදියරට ටෙන්ඩර් ප්‍රදානය කර නෑ - අමාත්‍ය කිරිඇල්ල

    සැප්තැම්බර් 20, 2017
    මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර සඳහා මේ වන විටත් ටෙන්ඩර් ප්‍රදානය කිරීමක් සිදු කොට නැති බවත් එමෙන් ම එහි කිසිඳු වංචාවක් සිදු ව නොමැති බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡෘවකට සහභාගි වෙමිනි.
     
    ස්ථාවර නියෝගයන් අනුව කෝප් කමිටුවේ සභාපතිවරයාට යම් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ සීමාවක් පවතින බව මෙන් ම එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව හා නිර්දේශයන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව කෝප් කමිටු සභාපතිවරයාට එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව හිමිවන බවත් කීය.
     
    පසුගිය වසර 5ක් තුළ තිබූ ක්‍රියාපටිපාටීන් අනුව අධිවේගී මාර්ග සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකළ බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා ටෙන්ඩර් කැඳවීම සිදු කළේ වැයවන මුදල් ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් බවත් කීය.
     
    "මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වැනි අදියර ජපාන රජයේ ණයවලින් ආණ්ඩුව තීරණය කිරීමෙන් මුල්වරට කොන්ත්‍රාත්කරුවන් 3දෙනෙක් ජපානයෙන් නිර්දේශ යොමු කළා. ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භයේ දී එයට සහභාගි වූයේ එක් සමාගමක් පමණී. එය ටයිසේ සමාගමයි. නමුත් එය අවලංගුවීමත් සමඟ නැවත ටෙන්ඩර් කැඳවීම සිදු කළා. එවිට ජපාන රජය FUJITA සමාගමටත් ලංසුවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත්, FUJITA සමාගමටත් අධිවේගී මාර්ගය තැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බව ලිඛිතව දන්වා තිබුණා". 
     
    "දෙවන ලංසුවේදී ටයිසේ හා FUJITA සමාගම් තරග කළ අතර FUJITA සමාගම ටයිසේ සමාගමට වඩා බිලියන 12ක් අඩුවෙන් ලංසු ඉදිරිපත් කළා. නමුත් FUJITA සමාගම පසුගිය වසර 05ක් ඇතුළත මෙම ව්‍යාපෘතිය හා සමාන ව්‍යාපෘතියක් නිම කොට තිබුණේ නැහැ. ඒ අනුව FUJITA සමාගමේ ලංසුව ප්‍රතික්ෂේප විය. ඉන් පසුව ආර්ථික කමිටුවේ හා කැබිනට් මණ්ඩලයේ කැමැත්ත අනුව එම කොන්ත්‍රාත්තුව ටයිසේ සමාගම වෙත හිමි විය" යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම හරහා කුරුණෑගල ප්‍ර දේශයට ඉදිරියේ දී ඇතිවිය හැකි පාරිසරික තර්ජනයන් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එන්.ආර්. සූරියආරච්චි මහතා සඳහන් කළේ විශේෂඥ දැනුම අනුව එවැනි පාරිසරික බලපෑමක් ඇතිනොවන බවට නිර්දේශයන් ලැබී ඇතැයි ද එවැනි බලපෑමවක් සිදුවන බවට යම් විශේෂඥවරයෙකුට විද්‍යාත්මක සාධක හරහා ඔප්පු කළ හැකි නම් ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට තම ආයතනය සූදානම් බවත් ඔවුන්ට ඒ සඳහා ඉදිරිපත්වන ලෙසත් ආරාධනා කර සිටියේය.
     
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු 30%ක් මේ වන විට අවසන් බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් සිදුවන පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා එවැනි ප්‍රදේශවල මාර්ගය කණු මතින් මෙන් ම මාර්ගයේ උස ප්‍රමාණය වැඩිකිරීම හරහා ද සිදුකරගෙන ඇති බවත් අමාත්‍යංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා මෙහිදී පෙන්වා දුනි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya