අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හක්වටුනාව වාරි ව්‍යාපෘතියෙන් පුරන් කුඹුරු සරු වෙයි

    ජූලි 16, 2017

    කුරුණෑගල දිස්ති‍්‍රක්කයට අයත් මහව මඩගල්ල හක්වටුනාව වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

    ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන සමස්ථ මුදල රුපියල් මිලියන 532 කි. ව්‍යාපෘතියෙන් පුරන්ව ගොස් තිබූ කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කොන්ත‍්‍රාත් සමාගම් පහක් විසින් සිදු කරනු ලබයි. කෙසේ වෙතත් එක් කොන්ත‍්‍රාත් සමාගමක ඉදිකිරීම් පිළිබඳ ගැටළු මතු වී තිබෙන අතර ජනතාවගෙන් ලැබුණු පැමිණිලි කෙරෙහි අවදානය යොමු කරමින් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එම ස්ථාන නිරීක්‍ෂණය කළේය. එහිදී අනාවරණ වූයේ ඇතැමි කුඹුරු යායවල් වලට පහලින් ජල ප‍්‍රවාහන මාර්ග ඉදිකර ඇති බවයි. මේ හේතුවෙන් කුඹුරු අක්කර ගණනාවකට ජලය නොලැබී යන තත්ත්වයක් පවතින බව ගොවි ජනතාව විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ අදාල වැරදි වහාම නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසයි. අදාල කොන්ත‍්‍රාත් සමාගම්වල නිලධාරීන් වෙතද අමාත්‍යවරයා අවවාද කර සිටියේ භාර ගත් වගකීම් නිසි ලෙස ඉටු කිරීමට නොහැකිනම් කොන්ත‍්‍රාත් ලබා නොගන්නා ලෙසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya