සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගං වතුරින් හානියට පත් දිවිනැගුම ප්‍රජාමුල බැංකු පිරිසිදු කෙරේ

    මැයි 30, 2017

    ගංවතුර තත්ත්වය හේතුවෙන් උඩුගම, හිනිදුම, නෙඵව, තවලම යන ප්‍රදේශවල ආපදාවට පත්ව තිබෙන සමෘද්ධි ප්‍රජාමුල බැංකු නැවත පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.


    ගංවතුරට හසුවීම හේතුවෙන් හිනිදුම සමෘද්ධි ප්‍රජාමුල බැංකුවේ සියඵ ලිපි ලේඛණ විනාශයට පත්ව ඇති අතර එහි ස්ථාපිත කර තිබු පරිඝණක යන්ත්‍රද   විනාශයට පත්ව තිබු අතර බැංකු පරිශ්‍රයට රොන් මඩ තට්ටුවකින් වැසී පැවතිණ.

    පත්ව ඇති ආපදා තත්වය යටතේ ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභින්ද ආපදාවට ලක්ව ඇති අතර ඔවුන්ට කඩිනමින් සහන සැලසීමේ අරමුනින් නැවත බැංකුවේ කටයුතු ආරම්භ කිරීම සදහා බැකු පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (29) පැවැත්විණි. මෙම වැඩසටහන සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහ බෝපෙ පෝද්දල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයක්ත සමෘද්ධි සංවර්ධන නිළධාරින් පිරිසක්ද එක්ව සිටියහ.

    ඔවුන් විසින් බැංකු පරිශ්‍රය සෝදා පිරිසිදු කොට යථා තත්වයට පත් කීරමට අවශ්‍ය මුලික පියවර සකස් කර අතර ගාල්ල දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ දිස්නා සමන්මලී විතානගේ මහත්මියගේ උපදෙස් අනුව මෙම වැඩසටහ ක්‍රියාවට නංවන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya