අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතරට ආරක්ෂක කබා පැළඳවීම අනිවාර්ය කෙරේ

    මැයි 19, 2017
    කළුතර දිස්ත්‍රික්කයේ ගංඟාවල හා මුහුදේ සිදුවන මඟී ප්‍රවාහන කටයුතුවලදි අරක්ෂක කබා පැළඳවීමේ නීතිය තදින් ක්‍රියාත්මක කිරිමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කරයි.
     
    ආරක්ෂක කබා පැළඳවීමකින් තොරව මඟීන් ප්‍රවාහනය කරන සියලු බෝට්ටු හා අගුල්හිමියන්ට ඉදිරියේදි නීති මගින් කටයුතු කෙරේ.
     
    ආරක්ෂක කබා පැළඳීම පිළිබඳව  රජය විසින් 2008 නිකුත්කර ඇති චක්‍රලේඛයට අනුව කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් යු. ඩී. සී. ජයලාල් මහතා පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශවලට උපෙදස් ලබා දුන්නේය.
     
    දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්ව‍යෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙය් පැවැති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රුස්වීමේදී මෙම  තීරණයට එළැබුණි.
     
    මෙම විශේෂ රුස්වීම සඳහා  ප්‍රාදේශීය ලේකම්වරුන් ,පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදා නිලධාරින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya