අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජුකී මැෂින් පුහුණු මධ්‍යස්ථානයක්

    අප්‍රේල් 06, 2017

    ග්‍රාමීය කාන්තා ආරථිකය සවිබල ගැන්වීමේ අරමුණින් ජුකී මැෂින් පුහුණු මධ්‍යස්ථානයක් දරණියගල දී ආරම්භ කළ බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධික්ෂණය යටතේ මෙහි කටයුතු සිදු කරයි.

     

    කණ්ඩායම් වශයෙන් මෙහි පුහුණුවීම් නොමිලේ ලබාදෙන අතර පුහුණු කාලය මාස හයකි. පුහුණුව අවසානයේ දි රුපියල් පනස් දහසක් වටිනා ජුකී මැෂින්මක් නොමිලේ අමාත්‍යාංය විසින් ලබාදෙනු ලැබේ.

     

    මෙවැනි මධ්‍යස්ථාන කිහිපයක් කෑගල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස කිහිපයක ආරම්භ කර තිබේ.

     

    දැරණියගල මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා සහභාගි වූ අතර මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රි රංජිත් පොල්ගම්පොල මහතා ද සහභාගි වී සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya