වෙන්නප්පුව, සිංදාත්‍රිය ප්‍රදේශයේ පැවති මා ඔයේ ඉවුරු ඛාදනය වැළක්වීම සඳහා කළුගල් වැටි සකස් කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
මා ඔයේ සිදුවන අනවසර වැලිගොඩ දැමීම් සහ නොයෙකුත් මානව ක්‍රියාකාරකම් මෙන්ම ස්වාභාවික හේතුන් මත ඉවුරු ඛාදනය ප්‍රබලව සිදුව ඇති අතර මේ හේතුවෙන් ජලගැලීම් පවා වර්ධනය වී තිබේ. වසර විස්සක පමණ සිට මේ සඳහා නිසි පියවරක් නොගත් අතර නව රජය යටතේ මා ඔයේ ඉවුරු ඛාදනය වැලක්වීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. එහි එක් ව්‍යාපෘතියක් ලෙස කළුගල් වැටි යොදා ඉවුරු ඛාදනය වැලැක්වීම වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සහ අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ මැදිහත් වීම මත රුපියල් මිලියන 18ක් මේ වෙනුවෙන් වෙන් කර තිබේ.
වංචා, දුෂණ, සහ කල්ක්‍රියාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති වුණොත්, එසේ පත්වන මහජන නියෝජිතයන් රට වෙනුවෙන් හෝ මහජනතාව වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් තීරණ ගැනීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා කීය.
රටේ ජනතාවගේ ආකල්ප රටේ යහපත හෝ විනාශය තීරණය කරන බවත් දේශපාලන නියෝජිතයන් තෝරාගැනීමේදී එය වඩා වැදගත් ස්ථානයක් ගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.