නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතිවාදය ගැන කථා කරන්නා බෞද්ධයෙකු නොවේ - සෞඛ්‍ය ඇමැති

    දෙසැම්බර් 14, 2016
    ජාතිවාදය පිළිබඳ ව කථා කරන කිසිම පුද්ගලයෙකු බෞද්ධයෙකු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    බේරුවල අයි.එල්.එම් සම්සුදීන් විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
     
    බස්නාහිර පළාත් සභාවෙන් වෙන් කරන ලද රුපියල් ලක්ෂ 130ක මුදලක් වැය කරමින් ඉදිකරන ලද විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු විය.
     
    "නව රජය බිහි කළේ පැවැති සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහායි. එතෙක් ගතානුගතික ක්‍රම භාවිත කළා. එම නිසා තමයි රට නොදියුණු වුයේ. මම කිසිම දිනෙක පක්ෂ ගණන් ගන්නේ නැහැ. මේ රටේ ජාතිවාදය ඇති කළේ දේශපාලන පක්ෂ විසින්. සෑම දිනකම ජාතිය, ආගම, කුලය, පෙරමුණ ගෙන කටයුතු කළා රට විනාශ කළේ බලය ලබාගැනීමටයි. ජාතිවාදය ද්‍රඩිඩ, මුස්ලිම්, ජාතීන් අතර ද පවතිනවා. දරුවන්ගේ මොළයටත් මෙම ජාතිවාදය ඇතුලු කර රට විනාශ කිරීමට උත්සාහ කරන්නේ දේශපාලනඥයින් විසින්. යුද්ධයෙන් ත්‍රස්තවාදය තුරන් කරන්න පුළුවන්. නමුත් සාමය ගේන්න බැහැ. සාමය ගේන්න පුළුවන් නායකයෙකු පසුගිය කාලයේ රජය තුළ හිටියේ නැහැ. එවැනි බුද්ධියක් හිටපු නායකයින්ට තිබුනෙත් නැහැ. අපේ රටේ කැරළි ඇති වුනේ දේශපාලනඥයින් නිසයි. වසර 02 කට පෙර හිටපු ජනාධිපතිවරයා මැතිවරණය පැවැත්වූයේ ජනතාවගේ වාසනාවටයි. එයට අපි සාර්ථකව මුහුණ දුන්නා. 1970 සිට මේ දක්වා ව්‍යවස්ථා සංශෝධන ඇති කළේ රාජ්‍ය නායකයාට වාසි සහගත ලෙසයි. නමුත් වර්තමාන ජනාධිපතිවරයා තම බලතල වෙනස් කරමින් දන් දීමේ ක්‍රමයක් ආරම්භ කර තිඛෙනවා. එයයි යහපාලනයේ වෙනස” යැයි ද වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉෂ්ටීකාර් ජමිල්, හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.එම්. අම්ජාඩි, විද්‍යාලයේ විදුහල්පති අබිදුල් රහුමාන් මහත්වරු ඇතුලු ආචාර්ය මණ්ඩලය හා දරුදැරියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya