ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ තුර්කිය ඇතුළු රටවල් 121කින් MSQCC ජාත්‍යන්තර සංවිධානය සමන්විත වන අතර මෙම සංවිධානය ලෝකයේ විවිධ රටවල්වල අධ්‍යාපන සංවර්ධනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ ව කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් වේ.
එම සංවිධානයේ සාමාජික රටවල්වල සිසුන්, ගුරුභවතුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපඥයින්ගේ සැදුම්ලත් පන්සීයක පමණ පිරිසක් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතව ඇත.
වාර්ෂිකව සාමාජික රටවල් ආශ්රිත ව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුළුවේ 20 වන සමුළුව රත්නපුරේ දී පැවැත්වීමට මේවන විට කටයුතු කර ඇත.
ඒ සඳහා පුර්ණ අනුග්‍රහය සබරගමුව පළාත් සභාව මගින් දැරීමට කටයුතු කරනු ඇත.