නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනය තුළින් සංහිදියාව ගොඩනගන "සහෝදර පාසල්" ඇරඹේ

    දෙසැම්බර් 07, 2016
    ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව දීප ව්‍යාප්තව "සහෝදර පාසල් / පාඩසාලෙයි" නමින් වැඩසටහනක් අරඹා ඇත. අදියර කිහිපයකින් සිදුවන මෙම වැඩසටහන් මාලාව මගින් පාසල් සිසුන් අතර මෙන්ම ගුරුවරුන් අතර ද ජාතික සමගිය, ශ්‍රී ලාංකීය විවිධත්වය, සංහිඳියාව වැනි කාලෝචිත කරුණු ගැන ප්‍රයෝගික දැනුවත් කිරීමක් සිදුවන අතර සිසු හුවමාරු වැඩසටහන් ද ඇතුලත් වේ. 
     
    පළමු අදියරය ලෙසින් මෙම වසරේ මුල් භාගයේදී උතුරු, දකුණු, බස්නාහිර, නැගෙනහිර සහ මධ්‍යම පළාතේ ගුරුවරුන් හා නිලධාරීන් කේන්ද්‍ර කරගත් පුහුණුකරුවන් සඳහා වූ වැඩමුළු මාලාවක් පැවැත් වූ අතර දෙවන අදියරය ලෙස "සහෝදර පාසල් / පාඩසාලෙයි" තේමාවෙන් යුතු ශිෂ්‍ය කඳවුරු දකුණු පළාත් සිසු සිසුවියන් සහ නැගෙනහිර පළාත් සිසු සිසුවියන් එක්ව මඩකලපුවේ ද මධ්‍යම පළාතේ සිසු සිසුවියන් සඳහා දඹුල්ලේ ද පසුගිය සතියේ දී පැවැත්විණි. උතුරු සහ බස්නාහිර ඇතුළු අනෙකුත් පළාත්වල සිසුන් සඳහා වූ "සහෝදර පාසල් / පාඩසාලෙයි" කඳවුරු 2017 වසරේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිතය. 
     
    මෙම පස්-දින නේවාසික ශිෂ්‍ය කඳවුරුවලදී සිසුන් එකිනෙකා දැන හඳුනාගැනීම සමගම ශ්‍රී ලංකාවේ විවිධත්වය, එකිනෙකාගේ සංස්කෘතික ආගමික අනන්‍යතාවයන්, සමගිය හා සංහිදියාව තුළින් ජීවත් වීම, විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මෙන්ම තම තමාගේ පාසල් පාදක කර කළ හැකි අනාගත ක්‍රියාකාරකම් ගැනද ඉතා ගැඹුරු ලෙසින් යොමු කළහ. විශේෂයෙන් පුහුණුව ලද පළාත් පුහුණුකරුවන්ගේ සංචිතයක් තුළින් මෙයට සමගාමීව පාසල් මට්ටමින් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
     
    මෙම  "සහෝදර පාසල් / පාඩසාලෙයි" වැඩසටහනහි ප්‍රධාන අරමුණ වන්නේ ජාතික සමගිය හා සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි පුහුණුකරුවන් සහ ගුරුවරුන් සංචිතයක් මෙන්ම දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් පළාත් මට්ටමින් ඇති කිරීම තුළින් ඔවුනොවුන්ගේ සමාජයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීමය. අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ මධ්‍යම හා දිගු කාලීන වැඩ සැලැස්මට අනුව "සහෝදර පාසල් / පාඩසාලෙයි" වැඩසටහන තුළින් සිසු ප්‍රජාව තුල ශ්‍රී ලාංකීය විවිධත්වය ගැන දැනුවත් වීම තුළින් අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර විවිධ පළාත් අතර මෙවන් සබඳතා ගොඩ නැගෙනු ඇතැයි බලාපොරොත්තුවේ.
     
    ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනිය හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇතුළු පළාත් අධ්‍යාපන නිලධාරීන් ද මඩකලපුවේදී සහ දඹුල්ලේදී පැවැති ශිෂ්‍ය කඳවුරුවලට සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya