නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිණිපුර ව්‍යවසාය අළෙවි ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රදානෝත්සවය දෙසැ. 01,02 රත්නපුර දී

    නොවැම්බර් 30, 2016
     
    “මිණිපුර ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය සහ පොළ 2016”  දෙසැම්බර් 01 දා පෙ.ව.9.00 ට රත්නපුර නගර ශාලාව ඉදිරිපිට දී ආරම්භ කෙරේ.
    හිටපු රත්නපුර දිස්ත්‍රික් ‍ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ  උපදෙස් පරිදි  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ මෙහෙයවීමෙන්  මෙම වැඩ සටහන පැවැත්වේ.වෙළෙඳපොළ සම්බන්ධිකරණය ඇති කිරිම,ව්‍යවසායකයන් දිරිගැන්වීම, ඇගයිම හා ජාතික මට්ටමේ සම්මාන උළෙලකට යොමු කිරිම යන  අරමුණින් දියත් කෙරෙන මෙම ප්‍රදර්ශනය ව්‍යවසායකයින් 50 දෙනෙකුගේ ඇඟළුම්, අත්කම්, ආහාර ද්‍රව්‍ය, බෑග්, පාවහන්, විසිතුරු මල් හා මත්ස්‍යයින් සහ ළදරුවන් සඳහා වන නිෂ්පාදන ඇතුළත් අළෙවි කුටි රැසකින් සමන්විතය.
     
    මෙහි සමාරම්භක උත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර දෙසැම්බර් මස 02 දින පෙ.ව. 9.00ට මිණිපුර කිරුළ SED සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ. එහිදී ව්‍යවසායකයින් 12 දෙනෙකුට මිණිපුර කිරුළ SED සම්මාන ප්‍රදානය සිදුකෙරේ.
     
    එම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන අතර රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්‍ෂ සුධීර ජයරත්න මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වන බව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ රත්නපුර සහකාර අධ්‍යක්‍ෂ එච්.ඒ.ඩී.කුමාරරත්න මහතා පවසයි.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya