නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලේඛන සංරක්ෂණය කෙරේ වැඩි අවධානයක්

    නොවැම්බර් 29, 2016
    ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සමසභාපතිවරුන් වන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා  සම පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටි ආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි.
    මෙහි දී කමිටුව ආරම්භ කරමින් දිස්ත්‍රික් ලේකම් එස්. ටී කොඩිකාර මහතා සඳහන් කර සිටියේ ජනාධිපති තුමන්ගේ උපදෙස් පරිදි ආයතන ගතව පවතින සංරක්ෂණය කල යුතු ලේඛන සංරක්ෂණ කල යුතු බවටත් ඒ සඳහා ලේඛනාරක්ෂක දෙපාර්තමෙන්තුවෙන් වැඩි දුර සහයෝගය ලබා ගත යුතු බවටත් ය. එවැනි ලේඛන රැසක් ඇතැම් ආයතන සතුව පවතින නිසා පෞද්ගලිකව ඒ සඳහා උනන්දුවන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.
     
    ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රප්තිය නිමිත්තෙන් 2017 ජනවාරි 08 වැනි දිනට ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට අවසන් ව ඇති සංවර්ධන ව්‍යාපෘති සහ පාසල් සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කල යුතු බවට අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් මෙහිදී යෝජනා කෙරිනි. 
     
    විමධ්‍ය ගත සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා කොට්ඨාශ 853 ක ව්‍යාපෘති 770 ක් මුළුමනින් ම අවසන් කොට ඇති අතර තවත් ව්‍යාපෘති 388 ක් නුදුරේදීම අවසන් වන බවට සැලසුම් අධ්‍යක්ෂිකා පුෂ්පා මළලසේකර මහත්මිය පෙන්වා දුන්නාය. මෙය පොදුවේ 46% ක ප්‍රගතියකි.
     
     
    AP/DMU- Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya