මේ සදහා නිත්‍ය වශයෙන්ම පැහැදිලි දුර දක්නා බවක් මාධ්‍යවේදීයා සතුව තිබිය යුතුය. මෙම මනෝවීද්‍යා වැඩසහන ප්‍රධානතම ඉලක්කය එය බව අනුරාධපුර දිස්ත්‍රික් මනෝ විද්‍යා උපදේශන අංශය සදහන් කරයි.
මාධ්‍යවේදීන් සදහා මෙවැනි මනෝ විද්‍යා වැඩසටහනක් පවත්වන ලද ප්‍රථම අවස්ථාව මෙයයි. මෙහීදි මාධ්‍ය භාවිතය හා මනෝ විද්‍යාව අතර ඇති සම්බන්ධය පිළිබදව, විශේෂඥ මනෝ වෛද්‍ය අනුරාධ ඇල්ලේපොළ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සායනික මනෝ විද්‍යාඥ සුසිල් ප්‍රේමරත්න , මනෝ විද්‍යා උපදේශිකා තේජානී බුලත්වත්ත යන මහත් මහත්මීන් විසින් දේශන පවත්වන ලදී.
අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති මෙම වැඩමුළුව, අනුරාධපුර මනෝ විද්‍යා උපදේශන අංශය හා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ඒකාබද්ධව සංවිධානය කර ඇති අතර ඒ සදහා අනුරාධපුර මාධ්‍යවේදින් 50 කට අධික පිරිසක් සහභාගී විය.
AP/DMU-Anuradhapura