ඒ යටතේ රාජ්‍ය සේවයේ නිලධාරීන් 341 ක් සහ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් 270 ක් පුහුණු කොට ඇති අතර, ඒ සදහා පුහුණු වැඩමුළු හයක් පවත්වා තිබේ. ඒ අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබද 2016.11.17 වැනි දින දීප ව්‍යාප්තව පැවැත්වෙන සංගණනය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සංගණන කටයුතු අපහසුවකින් තොරව පැවැත්විය හැකි බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබද පැවැත්වෙන මෙම සංඝණනයේ අරමුණ වන්නේ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රජා විද්‍යා සහ ආර්ථික තොරතුරු ලබා ගැනීමයි. සාමාන්‍යයෙන් වසර පහකට හෝ හතරකට වරක් මෙවැනි සංගණනයක් පැවැත්විය යුතු වුවත් නොවැලැක්විය හැකි හේතූන් මත එම සංගණනය පැවැත්වීමට නොහැකි ව තිබේ. ඒ අනුව අවසන් වරට මෙම සංගණනය පවත්වා ඇත්තේ 2006 දීය. එබැවින් රාජ්‍ය සේවකයන්ගේ දත්ත පිළිබද සැලකිය යුතු හිගයක් පවතින බව පෙන්වා දුන් ගුණසේකර මහතා, මෙවර සංගණනයෙන් පසු එම අඩුපාඩු සකස් කරගත හැකි බවද පැවසීය.
මෙවර පවත්වන සංගණනයේ තවත් විශේෂත්වයක් වන්නේ රාජ්‍ය,අර්ධ රාජ්‍ය පමණක් නොව රජයේ පත්වීම් ලබා ඇති අනියම්, දෛනික, තාවකාලික හා කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබා දැනට සේවය කරන සියළුම සේවකයන් පිළිබද තොරතුරු ලබා ගැනීමයි. සංගණනය පැවැත්වෙන දිනයේ සියළුම රජයේ නිලධාරීන් තම සේවා ස්ථාන වෙත පැමිණ සංගණනය ලබා ගන්නා නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද ගුණසේකර මහතා ඉල්ලා සිටියි.
මහනුවර දිස්ත්‍රික් ජේෂ්ඨ සංඛ්‍යාලේනඥ ජී.ඩබ්. ගුණසේකර මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති විශේෂ දැනුවත් කිරීමේ රැස්වීමකදීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීම සදහා මෙම රැස්වීම සංවිධානය කොට තිබුනි.
AP/DMU-Kandy