නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිරිය ලියට නිවාස

    නොවැම්බර් 07, 2016
     
    දිවි නැගුම සංවර්ධන දෙපාර්මේන්තුව විසින්  වැන්දඹු කාන්තාවන් හා කාන්තා මුලික පවුල් සදහා නිවාස ඉදිකර දෙන ‘දිරිය ලියට සෙවන‘ වැඩසටහන ආරම්භ කර ඇත.
    ඒ යටතේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාරංගල ග්‍රාම සේවා වසමේ වරකාහේන ගම්මානයේ ඉදිකල නිවසක් විනීතා වීරසිංහ මහත්මිය වෙත ලබා දීම  පසුගිය දා සිදු කෙරිණි. මෙම“ දිරිය ලියට සෙවණ“ වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 35 ක් ගොඩනැංවීම සඳහා ඇස්තමේන්තු සකස් කර ඇති අතර එක් ගෙයක් ඉදිකිරීම සදහා රුපියල් 150,000 ක මුදලක් දිවි නැගුම දෙපාර්තමේන්තුව විසින් ලබා දෙයි.
     
    එමෙන්ම  ප්‍රදේශයේ ධානපතියන්ගේ පිරිත්‍යාග හා අනෙකුත් අයගේ ශ්‍රම දායකත්වය මෙම නිවාස ඉදිකිරීම  සදහා ලබා ගැනෙයි. 
     
    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කෑගල්ල දිස්ත්‍රික් දිවි නැගුම අධ්‍යක්ෂ සුසන්ත හේරත් මහතා සහභාගි වූ අතර  බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිවි නැගුම අංශයේ නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya