නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති දයා ගමගේ, ඉරාන කෘෂිකර්ම හා ධීවර නියෝජ්‍ය ඇමතිවරු හමුවෙයි

    නොවැම්බර් 03, 2016
    ඉරානයේ සංචාරයක නිරත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඊයේ (02) ඉරාන රජයේ කෘෂිකර්ම හා ධීවර විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරුන් හමු විය.
     
    මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයන් වෙනුවෙන් තම රජයේ නිබද සහාය ලබා දීමට අපේක්ෂා කරන බවත් ප්‍රාථමික කර්මාන්ත අංශයේ ආයෝජන වෙනුවෙන් දෙරට අතර පුළුල් සබදතාවක් ඇති කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී අමාත්‍ය දයා ගමගේ මහතා සමග ඉරාන නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යතුමන් පැවසීය.
     
    එසේම, මෙරට ධීවර කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය හා උපදෙස් ලබා දීමට ද කැමැත්ත දැක්වූ ඉරාන රජයේ ධීවර නියෝජ්‍ය අමාත්‍ය හසන් සාලෙයි මහතා මෙරට ධීවර නිෂ්පාදන සඳහා එරට තුළ අපනයන වෙළඳපොළක් නිර්මාණය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.
     
    මෙම රැස්වීම් දෙකේ දී ම අමාත්‍ය දයා ගමගේ මහතා ශ්‍රී ලංකා රජයේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ සැලසුම් සම්බන්ධයෙන් එම නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිස් දැනුවත් කර තිබේ.
     
    එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ මිත්‍රයකු ලෙස මහත් ඕනෑකමින් හා උනන්දුවෙන් ලංකාවේ සංවර්ධනය දෙස බලා සිටින බවයි. 
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya