පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.
මේ වන විට රත්නපුරය, මහනුවර, කෑගල්ල, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වා ඇති අතර ඉදිරියේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම පනත පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතය.