නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ දී නව උදා ගම්මාන 500ක්

    නොවැම්බර් 02, 2016
    ලබන වසර තුළ ක්‍රියාත්මක දුප්පත්කම තුරන් කිරීමේ ජාතික යාන්ත්‍රණය යටතේ මෙරට දුප්පතුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ හැටදහසක වියදමින් නව උදා ගම්මාන 500ක් ඉදිකිරීමට පියවර ගන්නා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට, පල්ලේමලල, ජුල්ගමුව "සෙත්සඳගම" උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදි වූ 11වැනි උදා ගම්මානය මෙය වේ. මෙම වැඩසටහන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. 
     
    යහපාලන රජය යටතේ රටේ ජනතාවගේ දුප්පත්කම උපයෝගි කරගනිමින් දේශපාලන වාසි ලබාගැනීමට කිසි ලෙසකින්වත් උත්හාස නොදරන බවත් ජනාධිපතිතුමා හා අගමැතිතුමා ප්‍රධාන රජයට අවශ්‍ය මෙරට පොදු මහජනතාවට සදාකාලික දුප්පතුන් බවට පත් නොකොට ඉන් මුදාගැනීමට බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ජනසවියෙන් හා ජන බලයෙන්, ගමින් ගමට, දොරින් දොරට, වීථියෙන් වීථියට යමින් දුප්පත්කම තුරන්කරලීමේ ජාතික වැඩසටහන ලබන වසර තුළ රජය විසින් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.
     
    තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, හම්බන්තොට, සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතර කේන්ද්‍රීයව නව උදා ගම්මාන 20ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කොට ඇති බවත් එම උදා ගම්මාන 20 කේන්ද්‍රීයව ජනාධිපති කාර්ය සාධක බලකායන් හතරක් හරහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya