පසුගිය දා වැලිගම නගර ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පසුගිය රජය සමයේ රටේ ආර්ථික කඩාවැටීම පිළිබඳ ව අදහස් දැක්වූ අමාත්‍යවරයා වත්මන් රජයේ අනාගත සැලසුම් සහ රට දියුණු කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමර්ගයන් සම්බන්ධයෙන් ද මෙහිදී අඳහස් දැක්වීය.
"හම්බන්තොට වරාය රටට විශාල බරක් වී තිබුනේ අපි මේ ණයබර අඩුකරන්න කටයුතු කළා. අද හම්බන්තොට වරාය පිළිබඳ ව චීන රජයත් සමග කතාකරල එම වරාය ව්‍යාපෘතිය තුළ ඒ රටේ නැවත ආයෝජනයක් ඇතිකිරීම තුළින් අපේ රජයත් ඒ රටෙත් ආයෝජනයක් ඒ තුළ ඇතිකරලා ඩොලර් බිලියනයක ණය බර අඩුකරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ ණය කැපෙනකොට අපිට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩුවෙනවා. ඩොලර් බිලියනයක් අපේ රටට එනකොට අපේ විදේශ මුදල් සංචිතය වැඩිවෙනවා. එයින් ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒවගේම චීනය ඊට මුදල් යොදවලා නිකන් සිටින්නේත් නැහැ, ඒගොල්ලෝ එතන වරාය දියුණු කරනවා. විශේෂ ආර්ථික කලාප ඇතිකරනවා අක්කර 15,000 ක් එතන කර්මාන්ත බිහිවෙනවා. ඒ කර්මාන්ත බිහිවෙනකොට එතන රැකියා බිහිවෙනවා. රැකියා බිහිවෙනකොට එතනට සේවක සංක්‍රමණයක් සිදුවෙනවා. මොකද එතන තිබෙන කර්මාන්ත ප්‍රමාණයට හම්බන්තොට පිරිස පමණක් මදි වෙනවා. ඒක නිසා දකුණෙන් පමණක් නොවෙයි මොනරාගල වගේ ප්‍රදේශවලිනුත් පිරිස් කර්මාන්තපුරයේ රැකියාවන්ට පැමිණේවි. ඒවගේම මොණරාගලටත් මේ කලාපය පැතිරෙනවා" යැයි ද කීය.
එමෙන් ම ETCA ගිවිසුම මෙරට ආර්ථිකයට හිතකර අන්දමින් බලපාන ආකාරයත් එමගින් මෙරට තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා බිහිවන ආකාරය ද මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මෙම උත්සව අවස්ථාවට සමගාමීව අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නිල වෙබ් අඩවිය දියත්කිරීම ද සිදුකරනු ලැබීය.
මෙම සැමරුම් උත්සවයට මාතර දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින් මෙන්ම නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා සහ පොලිස්පතිතුමන් ඇතුලු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ප්‍රජා පොලිස් ඒකකවල විශාල පිරිසක් ද එක්ව සිටියහ.