වන අරණට - සිසු සරණ තේමාවෙන් යුතු රුක්රෝපණ වැඩසටහන යටතේ විවිධ පැළ වර්ග විශාල ප්‍රමාණයක් පාසල් භූමිය තුල සිටුවීමට කටයුතු කළේ ය. මධ්‍යම පරිසර අධිකාරියේ උතුරුමැද පළාත් කාර්යාලය සහ පළාත් පරිසර අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් උත්සවය සංවිධානය කර තිබිණි.
උතුරුමැද පළාත් පරිසර අමාත්‍ය කේ.එච් .නන්දසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වන අරණට සිසු සරණ වැඩ සටහන සදහා අනුරාධපුර සහකාර දිස්ත්‍රික් ලේකම් සම්පත් ප්‍රනාන්දු , දිස්ත්‍රික් වන නිලධාරී ලලිත් ගමගේ යන මහත්වරුන් සහ සදමල්ගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුමණ්ඩලය එක්විය.
AP / DMU - Anuradhapura