ඒ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදී ය. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට, අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික කේ. ඩී. චිත්‍රපාල, ක්‍රීඩා සහ විනෝදාංශ අධ්‍යක්ෂ ශාලික එස්. රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු නගර සභා නිලධාරීන් සහ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා ඇතුළු ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආදී ශිෂ්‍ය සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
ඒ අනුව, මෙතෙක් කොළඹ මහ නගර සභාව යටතේ පැවති හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණයේ පරිපාලනය, නඩත්තුව සහ සංවර්ධන කටයුතු, ඉදිරියේ දි මහ නගර සභාව සහ ඉසිපතන විද්‍යාලය අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුමක් මඟින්, දෙපාර්ශවය විසින් ක්‍රියාත්මක කරනු ඇත.