මෙහි දී සමාරම්භක දේශනය සිදු කල ජාතික ක්ෂය රෝග මර්ධන මධ්‍යස්ථානයේ උපදේශිකා විශේෂඥ වෛද්‍ය ධම්මිකා විදානගමගේ මහත්මිය පෙන්වා දුන්නේ ලෝකයේ තුනෙන් එකක් ක්ෂය රෝගය වැලදීමට නිරාවරණය වී ඇති බවත්,මිලියන 9.6 ක් රෝගීන් 2014 වර්ෂයේ හඳුනාගෙන ඇති බවත්ය. ඉන් මිලියන 5.4ක් පිරිමි, මිලියන 3.2 කාන්තාවන් සහ ඉන් මිලියනයක් ළමුන් බවත් හඳුනාගෙන ඇත. එමෙන් ම වයස්ගත වූ ශරිරය කෘෂ වීම සහ නිතර කැස්ස පැවතීම ක්ෂය රෝග ලක්ෂණයක් වූවත් එය සෑම අවස්ථාවකම නිවැරදි රෝග ලක්ෂණ නොවන බවත් නව රෝගයේ ප්‍රවනාතවය වනුයේ කාය ශක්තිය හෙබි තරුණයින්ට ද එය වැළ දීමේ ප්‍රවණතාවය වැඩි බවත් ය.
AP/DMU-Galle