වෘත්තීය තාක්ෂණ නිපුණතාවයෙන් යුත් ත්‍රිවිධ හමුදා විශ්‍රාමික රණවිරුවන් නැවත රටේ සංවර්ධන ක්‍රියාදාමට යොදා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ දායකත්වයෙන් විශ්‍රාමික රණවිරු තාක්ෂණ නිලධාරීන් 50දෙනෙකු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අනියුක්ත කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ මෙහෙයවීමෙන් විශ්‍රාමික රණවිරුවන් ජාතික සංවර්ධනයට දායකකරගැනීමේ වැඩපිළිවෙළ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.