නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ ග්‍රාමීය ආර්ථිකය නංවන්න ප්‍රතිපාදන රැසක්

    ඔක්තෝබර් 08, 2016
    ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නැංවීම වෙනුවෙන් ව්‍යාපෘති රැසකට මුල්‍ය ප්‍රතිපාදන රැසක් 2016 වර්ෂය සඳහා වෙන් කොට තිබේ.
    කිතුල් සංවර්ධන ව්‍යාපෘති 04 ක් වෙනුවෙන් මිලියන 2.44 ක මුදලක් ද සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා මිලියන 0.434 ක මුදලක් ද, හස්ත කර්මාන්ත ගම්මාන වැඩිදියුණුව සඳහා මිලියන 0.531 ක මුදලක් ද මෙසේ වෙන් ව ඇති අතර මේ වන විට එම ව්‍යාපෘති ආරම්භ කොට ඇත.
     
    එමෙන් ම ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය සඳහා මිලියන 0.618 ක මුදලක් මේ වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයට වෙන්ව ඇති බව දිස්ත්‍රික් සැලසුම් ඒකකය පෙන්වා දෙන අතර මේ වන විටත් එම ව්‍යාපෘති ආරම්භ කර ඇත.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya