සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහභාගීත්වයෙන් මෙම ජංගම සේවාව ආරම්භ කෙරේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මගින් දිවයිනේ සියලු ම රෝහල් ආවරණය වන පරිදි එක් එක් රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලවල ප‍්‍රශ්න සහ ගැටලු විසදීමේ අරමුණින් ක‍්‍රියාත්මක වෙයි.
මෙම ජංගම සේවාවේ ප‍්‍රථම ජංගම සේවාව කුරුණෑගල මහ රෝහලේ දී ද, දෙවන ජංගම සේවාව යාපනය ශික්ෂණ රෝහලේ දී ද, තුන්වන ජංගම සේවාව බදුල්ල රෝහලේ දී ද පැවැති අතර, මෙහිදී සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉදිරිපත් වූ ගැටලුවලට විසදුම් ලබා දෙමින් සාර්ථකව අවසන් විය.